
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් විසින් සකස් කරන ලද නීති මාලාවකට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම නවත්වන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් නොකළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සකස් කරන ලද නීතිරීති කිහිපයකට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය නොකරන ලෙසට ජනාධිපතිවරයා දෙපාර්තමේන්තුවට බලපෑම් කළ බවට චෝදනා එල්ල වී තිබිණි.
එල්ල වූ චෝදනා මත රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ තමාට උපදෙස් ලබා දුන්නේ නීතිපතිවරයා බවත් අදාළ ප්‍රකාශනය නවත්වන ලෙසට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ද දන්වා තිබූ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයකු පැවසුවේ ඇය පවසන පරිදි අදාළ ප්‍රකාශනය නතර කරන ලෙස ඔවුන් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා නොමැති බවයි.
“පාර්ලිමේන්තු අනුමැතිය ගත්තට පස්සේ තමයි අපි ඒ නීති ගැසට් කරන්න ඔය කියන දෙපාර්තමේන්තුවට යැව්වේ. පාර්ලිමේන්තු අනුමැතිය ලැබිලා තියෙද්දී ඇයි අපි ඒවා මුද්‍රණය කරන්න එපා කියන්නේ? ඇයට එසේ කිරීමට උපදෙස් දුන්නේ නීතිපතිවරයායි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
මෙම මස මුලදී, විපක්ෂ දේශපාලනඥයන් කියාසිටියේ පවතින තත්ත්වය තුළ අවශ්‍ය පරිදි නීති සහ රීති සකස් කරමින් තම වගකීම ඉටු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවංක උත්සාහය ජනාධිපතිවරයා විසින් ව්‍යර්ථ කර ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නීති මාලාවක් දෙපාර්තමේන්තුවට යොමු කළ අවස්ථාවේදී, ඔවුන් චෝදනා කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වූ බවට සහ අදාළ ගැසට් පත්රය මුද්‍රණය නොකරන ලෙස දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි.
එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ ඉහත කරුණ සම්බන්ධයෙන් කිසිඳු අවස්ථාවක තමාට ජනාධිපති වික්‍රමසිංහ කතා නොකළ බවයි.
“ගැසට් පත්රය මුද්‍රණය නොකරන ලෙස කිසිවකු මට කීවේ නැහැ , නමුත් මම එය මුද්‍රණය කිරීමට පෙර ජනාධිපති ලේකම්, අපේ අමාත්‍යංශයේ ලේකම් වැනි අදාළ පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබා ගත්තා. ඔවුන් මට උපදෙස් දුන්නේ නීතිපතිවරයාගේ සහ නීති කෙටුම්පත් සම්පාදකයාගේ උපදෙස් ලබාගැනීමට පමණයි.” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart