
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොරණ මූලික රෝහල් පරිශ්‍රය තුළ රාජකාරියේ නිරතව සිටි රෝහල් පොලිසියේ නිලධාරියකුට පහරදී තුවාල සිදුකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හොරණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අදාළ සැකකරුගේ පියා රෝගී තත්ත්වයක් හේතුවෙන් හොරණ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහු බැලීම සඳහා සැකකරු අධික ලෙස බීමතින් රෝහල වෙත පැමිණ ඇත.
රෝහල් පරිශ්‍රය තුළ ඔහු අශෝභන ලෙස හැසිරීම හේතුවෙන්, පරිශ්‍රයෙන් පිටව යන ලෙස එහි සිටි ආරක්ෂක නිලධාරිනියක විසින් ඔහුට දැනුම් දී තිබේ.
කෙසේවෙතත්, එම දැනුම්දීම නොතකා ඔහු තවදුරටත් රෝහල තුළ රැඳී සිටීමට උත්සාහ කර ඇති අතර, පසුව වෙනත් ආරක්ෂක නිලධාරියකු පැමිණ ඔහුව පිටතට යැවීමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ රෝහල් පොලිසියේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයාට සැකකරු විසින් පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ.
සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පළාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart