
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ඊයේ නව වසරේ පලමුදාය. හැම නාළිකාවකම රාත්‍රි ප්රවෘත්ති වල මුල්ම ප්‍රවෘත්තිය වුනේ අවුරුදු උදාවය. ඒක එහෙම වෙන්න ඔනේය. ITN නම් අනුරගේ නුවරාගමනය මුලටම අරගෙන අපි අනුරට කීවේය. හැබැයි ප්‍රවෘත්තියේ හරි නිලය නොඅල්ලා මාගලක් මෙන් විනාඩි ගානක් විකාශය කලාට මෙලෝ වැඩක් නොමැත.ඒත් රාජ්‍ය මාධ්‍ය අභිබවා පුද්ගලික නාළිකා ප්‍රවෘත්තියේ හරි නිලය අල්ලා විකාශය කිරිමට සමත්විය.
” ඔබතුමා කරණ කටයුතු කරගෙන යන්න…විරුද්ධ බලවේග ආවත් වැඩක් වෙන්නේ නැහැ ….මිනිස්සු දන්නවා…. ” එහෙම කිව්වේ අස්ගිරි මහනායක හිමියන් ය.මේ ප්‍රවෘත්තිය පුද්ගලික නාළිකාවල දෙවැනි ප්‍රවෘත්තිය විය.රූපවාහිනීයේනම් ඊට කලින් ආයතනයේ බලදාරි උත්තමයන්ගේ රාජකාරි ආරම්භය පෙන්විය.සිරස,දෙරණ,ස්වර්ණවාහිනීය මේ ප්‍රවෘත්තියට නිසි තැනක් දී තිබුනේ නිව්ස් සෙන්ස් එක හොදට වටහගෙනය. හිරු නම් අනුර ගේ නුවර ගමනට හෙඩිමක් හෙවත් සිරස්තලයක් දුන්නාට ප්‍රවෘත්තිය හළා තිබුනි.සමහරවිට මුදලාලිගෙන් ඕඩරය ලැබෙන්න ඇත. විනාඩි 30 න් 20ක්ම ආංඩුවට ඇඳලා ඇරීයේය.කසාය හදන්නාක් මෙන් 10 ට එක අනුපාතෙට ආංඩුවට විරුද්ධ වොයිස් කට් නවයක් දානකොට පක්ශ එකක් දමා තිබුනි.ඒකත් තාම නාන හඳුන්ගේ සිනහා කෑල්ලකි.ප්රවෘත්තියක වටිනාකම ඇත්තේ පෙන්නන විනාඩි ගාන වැඩිකර මාගලක් මෙන් දැමීම නොවෙති.
ප්රවෘත්ති අයිතමයක,විශෙශයෙන්ම දේශපාලනික ප්‍රවෘත්තියක් ලිවිමට,සංස්කරණයට,හඬ කැවිමට,නිශ්පාදණයට,හොද නිව්ස් සෙන්ස් එකක් තිබීය යුතුමය. අර නාළිකා තුන එය මැනවින් ඉටුකර තිබිනි. කොටින්ම සංවාදයේ ඇතැම් තැන්වල හඬ නො ඇසෙනවිට ඊට උප සිරැසි මගින් සාදාරණය ඉටුකර තිබිනි. ඒ ප්‍රවෘත්තියේ ඇති වටිනාකම නිසාය. එහෙම නැතුව අනුර ජනතාවට ලංවීම,ඔහුන් සමග සිනාසීම,වැලද ගැනීම,දරුවන් අත ගෑම,හුරතල් කිරීම,පයිසෙකටත් වැඩක් නොමැත.අපේ රට ආගම,ධර්මය ,සංස්කෘතිය මුල් කරගෙන දුවන රටකි. මහ නායක හිමිවරු,කාදිනල් තුමන් වැනි ආගමික නායකයින් රටේ නායකයාට දෙසන හොඳ හො නරක වචන වලට වටිනාකමක් තිබේ.වැරදිලාවත් අනුරට දොසක් කිව්වේනම් ඒක හිරුහි බ්‍රේකින් නිව්ස් නොවුනාට ප්‍රතම පුවත වෙන්නට තිබුනි.
අනුර නොව රටේ රාජ්‍ය නායකයා මොකා වුනත් අදාල ප්රවෘත්තියකට නිසි තැනක්,වටිනාකමක් ලබාදිය යුතුය.නලින්ද ඇමතිතුමනි,අද තියෙන ලොකුම අඩුව නුබලා කරන හොද දෙයක්වත් ජනතාව අතරට යන්නේ නැති එකය.එහෙම වුනාම විකිනෙන්නේ නුබලාගේ ඇතෑම් ගොබිලන්ගේ මුඛ වලින් පිටවන හෑම් සහ නෑම් පමනක්මය.ඒවාට ඇත්තේ මාර ඉල්ලුමක්….ඒ නුබලා කරණ හොද දේ එළියට එන්නේ නැති නිසාය.( නලින්ද, ඕනේම නම් මේ ප්‍රවෘත්තිය රිවයින් කර නැවත බලා රාජ්‍ය මාධ්‍යයේ අඩුපාඩු හදාගන්නටත් ඉඩ නැතුවාම නොවේ..)’
ෂර්ලි අනිල් ද සිල්වා
{හිටපු අධ්යක්ෂ – (ප්රවෘත්ති හා කාලීන සිදුවීම්) ජාතික රුපවාහිනිය}
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart