
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග උග්රවන ප්රචණ්ඩත්වය මධ්‍යයේ, ඊශ්‍රායලයේ දැනට සිටින ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු ඉන්දීය රජය විසින් මෙහෙයවනු ලබන විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පිටත් කර යැවීමට ලියාපදිංචි වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවැසීය.
එම ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම හෙට (25) දින ජෝර්දානයේ අම්මාන් අන්තර්ජාතික ගුවන්තොටුපොළින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව යෑමට නියමිතය.
මීට අමතරව, ඉදිරි දිනවලදී ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට යෑමට පුද්ගලයන් 20 දෙනකු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව තානාපති බණ්ඩාර සඳහන් කළේය.
ඊශ්‍රායලයේ සිටි පුද්ගලයන් පස්දෙනකු දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඔහු තහවුරු කළේය.
නවතම තොරතුරුවලට අනුව, නිවාඩු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 219 දෙනකු නැවත ඊශ්‍රායලයට ආපසු යෑමට නියමිතය.
ඉරාන-ඊශ්‍රායල ගැටුම හේතුවෙන් නියමිත පරිදි ඊශ්‍රායලයට ආපසු යෑමට නොහැකි වූ විදේශිකයන් සඳහා ජනගහන හා ආගමන අධිකාරිය නැවත ඇතුළත් වීමේ වීසා කාලය ජුලි 31 දක්වා දීර්ඝ කර ඇති බව තානාපතිවරයා පැවැසීය.
වීසා බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධව සියලුම ගුවන් සමාගම් වෙත දැනුම් දී සිදුකර ඇති අතර, ගුවන් ගමන් නැවත ආරම්භ වූ පසු මගීන්ට කිසිදු බාධාවකින් තොරව ඊශ්‍රායලයට ගමන් කළ හැකි බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart