
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2021 දී තලේබාන් සංවිධානය විසින් අත්පත් කරගත් ඇෆ්ගනිස්ථානයට චීනය විසින් සිය පළමු තානාපතිවරයා පත් කර ඇත.
තලේබාන්වරුන්ගේ ඇෆ්ඝන් රජය මෙතෙක් ලොව කිසිදු රාජ්‍යයක් විසින් පිළිගැනීමට ලක්කර නොමැති අවස්ථාවක චීනය මෙම පත්කිරීම සිදුකර තිබීම විශේෂත්වයකි.
මහජන චීන සමූහාණ්ඩුව මෙමගි උත්සාහ කර ඇත්තේ පැහැදිලිවම තලේබාන් සංවිධානය බලයේ සිටින ඇෆ්ගනිස්ථානය තුළ සිය වාණිජ හා උපායමාර්ගික අවශ්‍යතා සපුරා ගැනීමයට.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තලේබාන් සංවිධානයට අන්තර්ජාතික පිළිගැනීමක් ලැබී නොමැත.
තලේබාන් පාලනය යටතේ, කාන්තාවන්ට වෙනත් සීමාවන් අතර රැකියා කිරීම සහ පාසල් යෑම තහනම් කර ඇත.
තලේබාන් සංවිධානය කාන්තා අයිතීන් මර්දනය කරනු ලබන්නේ ලෝකයේ දරුණුම ආකාරයෙනි.
චීනයටද මේ ආකාරයෙන්ම කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත.
චීනය දැනට ලෝක ආර්ථික සංසදයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී පරතරය ශ්‍රේණිගත කිරීමෙහි රටවල් 146 න් 102 වන ස්ථානයට පත්ව සිටී.
ජනාධිපති ෂී ජින්පින් විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තීරණ ගැනීමේ දේශපාලන මණ්ඩලයෙන් කාන්තාවන් ඉවත් කර ඇත.
චීන 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන්ගෙන් කාන්තාවන් නියෝජනය කළේ, සියයට 26.54ක් පමණක් බවත්, 2022 ඔක්තෝම්බර් මාසයේ සිට ඉහළම විධායක මට්ටමින් චීනයේ කාන්තාවන් නොසිටි බවත් එක්සත් ජාතීන්ගේ කමිටුවක් අනාවරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart