
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිගු ආයු අපේක්ෂාවක් සහිත රටක් ලෙස ප්‍රසිද්ධ ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන්ගේ සංඛ්‍යාව පළමු වරට ලක්ෂය ඉක්මවා නව වාර්තාවක් පිහිටුවා තිබේ.
ජපාන සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, සැප්තැම්බර් 1 වැනි දින වන විට එරට වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන් 107,677 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි. එය පසුගිය වසරට සාපේක්ෂව 7,914 දෙනෙකුගේ වැඩිවීමකි. මෙම සංඛ්‍යාව අඛණ්ඩව වසර 56ක් නව වාර්තාවක් ලෙස ඉහළ ගොස් තිබේ.
ජපානයේ සියවස සම්පූර්ණ කළ පුද්ගලයන් අතර කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, කාන්තාවන් 94,298 දෙනෙකු එම සමස්ත සංඛ්‍යාවෙන් 87.6%ක් වේ.
ජපානය 1963 වසරේදී මෙම සංඛ්‍යාලේඛන සකස්කිරීම ආරම්භ කළ අවස්ථාවේදී එරට වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන් සිටියේ 153 දෙනකු පමණි. එම සංඛ්‍යාව 1981දී 1,000 ඉක්මවා ගිය අතර, 1998දී 10,000ද, 2012දී 50,000ද ඉක්මවා ගියේය.
මේ වන විට ජපානයේ සෑම පුද්ගලයන් 100,000කටම සියවස සම්පූර්ණ කළ පුද්ගලයන් 87.51 දෙනෙකු සිටී. එරට වැඩිම අනුපාතය වාර්තා වන්නේ ෂිමානේ ප්‍රාන්තයෙන් වන අතර, එහි සෑම පුද්ගලයන් 100,000කටම සියවස සම්පූර්ණ කළ පුද්ගලයන් 186 දෙනකු සිටී.
ජපානයේ වයස්ගතම කාන්තාව වන්නේ කියෝතෝ ප්‍රාන්තයේ 114 හැවිරිදි ෆුයෝ කිෂිමොටෝ වන අතර, වයස්ගතම පිරිමියා වන්නේ කුමාමොතෝ ප්‍රාන්තයේ 112 හැවිරිදි හිකාරු කාටෝය.
මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙන්චිරෝ උඑනෝ සඳහන් කර ඇත්තේ, බොහෝදෙනකු වැඩි කාලයක් ක්‍රියාශීලීව ජීවත් වීම දිරිගන්වනසුලු කරුණක් බවයි. එමෙන්ම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වන කාලය තවදුරටත් දීර්ඝ කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය.
කෙසේවෙතත්, මෙම සංධිස්ථානය වාර්තා වන්නේ ජපානය වේගයෙන් වයස්ගත වෙමින් පවතින සහ ජනගහනය අඩුවෙමින් පවතින තත්ත්වයකට මුහුණදෙමින් සිටින අවස්ථාවකය. උපත් සංඛ්‍යාව අඩුවීමත්, වැඩිහිටි ජනගහනය ඉහළයෑමත් හේතුවෙන් එරට ශ්‍රම බලකායට සහ සමාජ ආරක්ෂණ පද්ධතියට වැඩි පීඩනයක් එල්ල වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart