
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් සැලසුම් සහගතව වෙළෙඳසලකින් කිලෝ පහේ සහල් ඇසුරුම් (පැකට්) 40ක් සොරකම් කර ත්‍රිරෝද රථයකින් රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවකු සහ සැකකාරියක හෙට (15) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් නියෝග කළාය.
මෙසේ බන්ධනාගාරගත කෙරුණේ තලාව, මුදුනේගම පදිංචිකාරියක වන එන්.කේ. වින්ද්‍යා ශිරෝමණී සහ අනුරාධපුර, ඇලයාපත්තුව පදිංචි නිපුන් මලින්ද බණ්ඩාර යන අයයි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියාසිටියේ මෙම සැකකරු සහ සැකකාරිය සැලසුම් සහගතව, සංවිධානාත්මකව අනුරාධපුර තුන්වැනි පියවරේ පිහිටි වෙළෙඳසලකින් මෙම සහල් සොරකම සිදු කර ඇති බවයි. ඒ අනුව සැකකාර කාන්තාව වෙළෙඳසලෙන් භාණ්ඩ මිලදී ගත් අවස්ථාවේ අදාළ වෙළෙඳසලේ සිට ඇත්තේ වෙළෙඳසල් හිමිකරුගේ කුඩා දරුවකු බව ද කියා සිටි උප පොලිසිය, දරුවා තමන්ට භාණ්ඩ ලබා දෙන අවස්ථාවේ දරුවාගේ අවධානය තමා දෙසට ගැනීමට සැකකාරිය සමත්ව ඇති බවයි.
භාණ්ඩ ලබා දෙමින් සිටි දරුවාගේ අවධානය තමා දෙසට ගන්නා අතරවාරයේ සැකකරු එළියේ නවතා තිබූ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයට මෙම කිලෝ පහේ සහල් ඇසුරුම් (පැකට්) 40 පටවාගෙන ඇති බව ද උප පොලිසිය සඳහන් කළේය. පසුව සැකකාරිය වෙළෙඳසැලෙන් එළියට පැමිණි පසුව දෙදෙනාම ත්‍රිරෝද රථයෙන් සහල් පැහැරගෙන ගොස් තිබිණි.
සොරකම් කරන ලද සහල් ඇසුරුම් (පැකට්) 40න් සහල් ඇසුරුම් 36ක් සොයාගැනීමට පොලිසියට හැකි වූ බව අධිකරණයට දැනුම් දුන් පොලිසිය,, සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ද ඉල්ලා සිටියේය. (දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart