
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතරගම සිට කොළඹට රැගෙන යෑමට ගෙනා ගෝනමස් කිලෝ 100ක් ඉඳුරුව කයිකාවල දී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.
යුක්තිය මෙහෙයුම යටතේ පොලිසිය විසින් බස් රථ පරීක්ෂාව සිදු කරන අතරතුර, ඊයේ දින දහවල් ගාල්ල කොළඹ මාර්ගයේ ඉඳුරුව කයිකාවල ප්‍රදේශයේ කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් බස් රථ පරීක්ෂා කිරීමේදී, කතරගම සිට කොළඹ බලා ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථයක පිටුපස බඩු ගබඩා කරන ස්ථානයේ තිබී දඩමස් අඩංගු පාර්සලයක් සොයා ගැනීමට හැකිව තිබේ.
මේ පිළිබඳව බස් රථයේ කොන්දොස්තරවරයාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ පුද්ගලයෙකු විසින් කොළඹට රැගෙන යෑම සඳහා සියඹලා පාර්සලයක් ලබාදුන් බවයි.
පොලිසිය කළ පරීක්ෂාවේ දී මෙම දඩ මස් ගෝන මස් ලෙස හඳුනා ගත් අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණයෙන් අවසර ලබාගෙන එම දඩමස් කොටස් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවීමට කටයුතු කරන බව කොස්ගොඩ කොස්ගොඩ පොලිසිය පවසා ඇත.
මෙම දඩමස් කතරගම ප්‍රදේශයේ සිට කිලෝවක් රුපියල් 600ක් 700ක් අතර අඩු මුදලකට මිලදීගෙන කොළඹ ප්‍රදේශයට රුපියල් 2500ක් 2600 ක් අතර මිලකට විකිණීම සඳහා ගෙන ගිය බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා පොලිසිය විසින් රඳවාගෙන තවදුරටත් විමර්ශන පවත්වයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart