February 26, 2026

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.

එහිදී ඔහු ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංස්කරණය හෝ වාණිජකරණය කිරීමේ ක්‍රියාපටිපාටියේ වත්මන් තත්වය කෙසේද යන්නයි.

ඒ සඳහා කැබිනට් මණ්ඩයේ අනුමැතිය හිමිව තිබේද යන්න සහ එවැනි සැලසුමක් තිබේනම් ක්‍රියාත්මක කිරීමේ නිශ්චිත කාලරාමුව කුමක් ද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේය.

එමෙන්ම ඉදිරියට පවත්වා ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කරනු ලබන විගණන පදනම කුමක් ද මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සමස්ථ ණය ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳව ද මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේය.