
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතරගම ඇසළ මංගල්‍යයට සමගාමීව පවත්වන ගිනි පැගිිමේ උළෙල වෙනුවෙන් යෙදාගන්නා ස්ථානය වෙනස්කිරීම සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් මත කපුමහතකු හා බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර අතර බහින්බස් වීමක් පසුගිය(30) වැනි දින සිදුවිය.
කතරගම ශ්‍රී අභිණවාරාම විහාරස්ථානය ඉදිරිපිට මහවීදියේ මෙම ගිනි පැගීම සෑම වසරකදී ම සිදුකෙරෙයි.
පසුගිය වසරේදී මෙම ස්ථානය වෙනස්කර වල්ලිඅම්මා දේවාලය ආසන්නයට ගිනි පෑගීම රැගෙනයන ලදී .
මෙම වසරේදි අතීතයේ ගිනි පැගූ ස්ථානයේ එම කටයුත්ත සිදුකරන ලෙස කපුමහතුන් නිළමේ ඩිෂාන් ගුණසේකරගෙන් ඉල්ලා තිබේ.
මෙම පැරණි ස්ථානය අබියස අභිණවාරාම විහරස්ථානයට අයත් අලුතින් ඉදිකරන ලද දුටුගැමුණු සෑය පවතින බැවින් එම ස්ථානය අසල ගිනිමැළය ගැසීමෙන් චෛත්‍යයට ගිනි රස්නය වැදී හානි සිදුවන බැවින්, එම ස්ථානය වෙනස් කරන ලෙස අභිණවාරාම විහාරධිපති ශ්රාස්ත්රපති කපුගම සරණතිස්ස හිමියන් ඉල්ලාසිටි අතර, පසුව කතරගම දේවාලයේ පෙරහැර බලනරාල සරත් සේපාල රත්නායක විසින් ගිනි පැගීමේ පැරණි ස්ථානයට එම කටයුත්ත රැගෙන යෑමට නියෝග කර ඇත.
මෙම අවස්ථාවේ දි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර සහ කපුමහතා අතර බහින් බස්විමක් සිදුවූ අතර කපුමහතා සහ ඔහුගේ පිරිසක් හූකීම හේතුවෙන් ගැටුම්කාරී තත්වයක් උද්ගතව තිබේ.
පසුව බස්නායක නිළමේවරයාගේ ආරක්ෂකයන් ඔහුව ආරක්ෂාකාරීව රැගෙනගොස් ඇති අතර පෙලිසිය මැදහත් වී ගැටුම වළක්වාලීමට කටයුතු කර ඇත.
මෙම අවස්ථාවේ මෙම ස්ථානය වෙත වැඩසිටි අභිණවාරාම විහාරධිපති ශ්රාස්ත්රපති කපුගම සරණ තිස්සහිමි වෙත ද කපුමහතා චෝදනා කරමින් බැනවදිමින් පැරණි සම්ප්රදාය වෙනස් නොකරන ලෙස ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart