
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඩුබායි හි පැවැත්වෙන COP 28 හි ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙක් බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇත.
මහේල ජයවර්ධන සෙනසුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි COP28 හි දේශගුණික යුක්ති සංසදය (CJF) දියත් කිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සමග අසුන්ගෙන සිටිනු දැකගත හැකි විය.
මෙම උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මේ සම්බන්ධයෙන් ‘ඩේලි මිරර්’ කර ඇති විමසීමකදී ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු පවසා ඇත්තේ, මහේල ජයවර්ධන ජනාධිපතිවරයාගේ දූත පිරිසේ කොටසක් වන නමුත් ඔහුට සංචාරයට වෙනම අරමුදල් ලැබී ඇති බවයි.
කෙසේවෙතත්, මහේල ජයවර්ධන පවසා ඇත්තේ, තමන් ජනාධිපතිවරයාගේ දූත පිරිසේ සාමාජිකයෙක් නොවන බවයි.
තමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් පවත්වන ලද උත්සවයකට සහභාගී වූ නමුත් තමා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ කොටසක් නොවන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මහේල ජයවර්ධන පවසා ඇත්තේ, තමන් තිරසාරභාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයකු බවයි.
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, උගන්ඩාවේ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය Aceng Jane Ruth සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) විධායක අධ්‍යක්ෂ Inger Anderson යන අයද මෙම අවස්ථාවට සහභාගී වූහ.
විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අජිත් මාන්නප්පෙරුම, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති පරිසර උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති පරිසර උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි, භාණ්ඩාගාරයේ උපදේශක දේශාල් ද මෙල්, අන්තර්ජාතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන පිරිසද මෙම අවස්ථාවට එක්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart