
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අද (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුනොවන බව බුද්ධ ශාසන අමාත්යාංශය මඟින් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවට නිල වශයෙන් දැනුම් දී ඇත.
සංශෝධිත බන්ධනාගාර නියෝග ප්රකාරව එම භික්ෂුව චීවරය සහිතව නඩු කටයුත්තක් සඳහා හෙට දිනයේ අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවට මීට පෙර මත පළවී තිබිණි.
කෙසේවෙතත්, මේ පිළිබඳව අදහස් දක්වමින් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් සඳහන් කළේ, ඥානසාර හිමියන් හෙට අධිකරණයට ඉදිරිපත් නොකරන බවට බුද්ධ ශාසන අමාත්යාංශය මඟින් අතිපූජ්ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනායක හිමිපාණන් වහන්සේ වෙත දැනුම් දුන් බවයි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බුද්ධ ශාසන නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක, ඥානසාර භික්ෂුව හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්යතාවයක් නැති බවට අධිකරණය විසින් දැනුම් දී ඇති බැවින් ඒ පිළිබඳව මහනායක හිමියන් දැනුවත් කිරීමට කටයුතු කළ බව ප්රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart