
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ ඔටාවා නුවර බැර්හැවන් හි නිවසකදී සිදුකෙරුණු සමූහ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 19 හැවිරිදි ෆෙබ්රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික තරුණයාට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ කැඳවා තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය තුළ වාර්තාකරුවන් රැසක් එක්ව සිටි බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
19 හැවිරිදි සැකකරු ඔහුව ආරක්ෂිතව රඳවා සිටින ඔටාවා කාල්ටන් රැඳවුම් මධ්‍යස්ථානයේ සිට නඩු විභාගය සඳහා සම්බන්ධ වූ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ඉවාන් ලිට්ල් පවසා ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණයට සිය නම සහ උපන් දිනය මුමුණා ඇති අතර එහිදී අධිකරණ නිලධාරියකු විසින් ඔහුට උස් හඬින් කතා කරන ලෙස අවවාද කර ඇතැයි පැවසේ.
ශ්‍රී ලාංකික මවක් සහ ඇගේ දරුවන් සිව්දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 19 හැවිරිදි සැකකරුට පළමු පෙළ මිනී මැරුම් චෝදනා එල්ල වී තිබේ.
දිවි ගලවාගත් එම පවුලේ පියාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාව ද එල්ල වී ඇත.
නඩුව විභාගයේදී ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීම සිය සේවාදායකයාගේ කැමැත්ත බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉවාන් ලිට්ල් අධිකරණයට දන්වා තිබේ.
එමෙන්ම නඩුව මාර්තු 28 දක්වා කල්තබන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
නඩු කටයුතු අවසන් වීමෙන් පසුව නීතීඥ ඉවාන් ලිට්ල් ජනමාධ්‍ය හමුවේ පෙනී සිට තිබේ.
එහිදී ජනමාධ්‍යවේදීන් විසින් සැකකරු ඔහුගේ මානසික සෞඛ්‍යය, ආරක්ෂාවට හේතුවක් ලෙස භාවිතා කළ හැකිද, නැතහොත් සිදුවී ඇති දේ ඔහුට වැටහෙන්නේදැයි නීතීඥයාගෙන් විමසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart