October 28, 2026

හොරොව්පොතාන, මැදවච්චිය හන්දිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ 68 හැවිරිදි කාන්තාවක් ඇගේ නිවස තුළදී ඝාතනය කර තිබියදී සොයාගෙන ඇත.

ඊයේ අලුයම මෙම කාන්තාව සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් බවත්, ඒ අනුව හොරොව්පොතාන පොලිසිය මගින් පරීක්ෂණ ආරම්භ කළ බවත් පොලිසිය පවසයි.

මැදවච්චිය හන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන මියගිය කාන්තාව, තමන් පදිංචි නිවස ඉදිරිපිට වෙළඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවසේ තනිව ජීවත් වී ඇත.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඇයව ඝාතනය කර ඇති බවයි.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා හොරොව්පොතාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.