
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමාත්‍යාංශයේ නව ව්‍යාපෘති නීතිඥවරුන්ගේ පහසුවට නොව, මහජනතාවට යුක්තිය සඳහා ඇති ප්‍රවේශය මත පදනම් විය යුතු බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
රුපියල් මිලියන 202ක වියදමින් ඉදිකරන ලද පුත්තලම අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (15) සහභාගී වෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“නීතිඥවරුනි, කරුණාකර මා සමඟ අමනාප වෙන්න එපා. මමත් නීතිඥයෙක්. ගොඩනැගිලි ඉදිකරකොට, නීතිඥයන්ට එය කොතරම් පහසුද කියලා නෙවෙයි අපි බලන්නේ. නමුත්, අධිකරණ ගොඩනැගිලි ඉදිකරන විට ජනතාවට යුක්තිය ලබා ගැනීමට ඇති හැකියාවයි සළකා බලන්නේ,” ඔහු පැවසීය.
යුක්තිය නිසි ලෙස පරිපාලනය කිරීමට සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීමට රජය බලයට පත් වූ බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
මෙම රජය පවතින තාක් කල්, මේ රටේ පුරවැසියන්ට සහ වෘත්තිකයන්ට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් සපයන බව ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart