
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටුව සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක රියදුරුට රථය පදවමින් සිටියදීම ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්, බස් රථය පාලනයෙන් ගිලිහී ගොස් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී දරුණු අනතුරකට ලක්ව තිබේ.
අද (24) උදෑසන 5.30ට පමණ මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ වැල්ලම්පිටිය, අඹගහ හන්දිය ප්‍රදේශයේදීය.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය පාලනය කරගත නොහැකිව ඉදිරියට ඇදී ගොස් ඇති අතර, මේ හේතුවෙන් බස් රථයට බරපතළ ලෙස හානි සිදුව ඇත.
අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ බලධාරීන් එක්ව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බස් රථයේ රියදුරාව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.
කෙසේවෙතත්, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචිමාර්ග සනාථ කරයි.
මෙම අනතුර හේතුවෙන් බස් රථයේ ගමන් ගත් මගීන්ට සිදුවූ හානිය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු අරඹා ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart