
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් වෙඩි තැබීමකින් වැලිකන්ද ප්‍රදේශයේ පුද්ගලයකු මියයෑම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයකු පත්කර තිබේ.
සිද්ධියට භාවිත කළ ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය තහවුරු කළේය.
මියගිය පුද්ගලයාට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර,ඔවුන් එම ස්ථානයෙන් පලා ගිය බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
පොලිසිය පවසන්නේ ඊයේ සවස 6ට පමණ වැලිකන්ද ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ බව කියන අවස්ථාවේදී වෙඩි තැබීම සිදු වූ බවයි.
තුවාල ලැබූ පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මියගොස් තිබිණි.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ අදාළ නිලධාරීන්ගේ පෞද්ගලික ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධියට පෙර, අණ නොතකා ධාවනය වූ බව කියන යතුරුපැදියක් පසුපස පොලිසිය ලුහුබැඳ පැමිණ තිබේ.
පොලිසියට අනුව, යතුරුපැදියේ පුද්ගලයන් තිදෙනෙකු සිටි අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
ඉතිරි පුද්ගලයා ඔහුගේ නිවසට ඇතුළු වී තියුණු ආයුධයක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇති බවත්, එය වෙඩි තැබීමට හේතු වූ බවත් වාර්තා වේ.
මියගිය පුද්ගලයා වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි.
ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවලට සම්බන්ධ වී ඇති බව පොලිසිය තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart