
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිගම මිරිස්ස වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී සංචාරක ව්‍යාපාරිකයකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
‘ලංකාදීප’ වාර්තා කර ඇති ආකාරයට, මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයේ බිම් කොටසක් සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසු එම ප්‍රදේශයේම පදිංචි තවත් සංචාරක ව්‍යාපාරිකයකු සහ ඔහුගේ පුත්‍රයකු සංචාරක ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි වැලිගම පොලිසිය ප්‍රකාශ කරයි.
එම පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට ගෙනයමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේ මියගොස් ඇත්තේ මිරිස්ස පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හැන්නදිගේ සුරංග නොහොත් බාල සුරංග නමැති වයස අවුරුදු 38ක පුද්ගලයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart