
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු එකතු කිරීම් අපේක්ෂිත ආදායම් ඉලක්කවලට වඩා පහත වැටී ඇති බැවින්, රජයට වැඩි ආදායමක් ලබාගැනීම සඳහා රජය ලබන වසරේ තවත් නව බදු දෙකක් ලෙස ධන බද්ද සහ උරුම බද්ද හඳුන්වාදීමට නියමිතය.
රටේ මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත්කරන ලද නව පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව ලබන වසරේ සිට බලාත්මක වන මෙම බදු සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම මුදල් අමාත්‍යාංශයට පැවරී ඇත.
එම වාර්තාවට අනුව රාජ්‍ය ආදායම් එකතු කිරීමේදී රජය මුහුණදෙන ප්‍රධානතම අභියෝගය වන්නේ, රාජ්‍ය වියදම් ආදායමට වඩා වැඩිවීම හේතුවෙන් නිර්මාණය වන අඛණ්ඩ අයවැය හිඟයයි.
වසර මැද මූල්‍ය වාර්තාවට අනුව මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා අයවැය හිඟය රුපියල් බිලියන 1.24 කි.
රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ප්‍රධාන ආයතන තුන විසින් මේ වසරේ (ජනවාරි සිට ජූනි දක්වා) මුල් භාගයේ සිදුකරන ලද බදු ආදායම් එකතු කිරීම ද, 2023 අයවැයෙන් ඇස්තමේන්තුගත බදු ආදායම් ඉලක්කවලට වඩා පහළ මට්ටමක පවතී.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට රුපියල් ට්‍රිලියන 1.667 ක අයවැය ඇස්තමේන්තුවෙන් සියයට 41.81 ක් (රුපියල් බිලියන 696.94) පමණක් රැස් කර ඇති අතර, රේගුව මෙතෙක් ඇස්තමේන්තු කර ඇති රුපියල් ට්‍රිලියන 1.22 න් සියයට 32.79ක් (රුපියල් බිලියන 400.07) පමණක් එකතු කර ඇත.
රුපියල් බිලියන 217 ක ඇස්තමේන්තුගත ඉලක්කයෙන් සියයට 41 ක් (රුපියල් බිලියන 88.963) පමණක් සුරාබදු දෙපාර්තමේන්තුව රැස්කරගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart