
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම ප්‍රජාව සහ ඔවුන්ගේ පැරණි සම්ප්‍රදායන් වාණිජමය වාසි සඳහා සූරාකෑම සම්බන්ධයෙන් වැදි නායක ඌරුවරිගේල වන්නිල ඇත්තෝ බරපතළ කණස්සල්ල පළ කර තිබේ.
ඇතැම් කණ්ඩායම් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් දේශීය සංස්කෘතිය අනිසි ලෙස භාවිත කරන බවට ද ඔහු චෝදනා කරයි.
සංවිධානාත්මක ජාවාරම්කාර කණ්ඩායම් තම වංශයේ සංස්කෘතිය ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස අනිසි ලෙස භාවිත කරන බව ඔහු දඹානේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ පැවසීය.
මෙම වංචාව සහ ජාවාරම්කරුවන්ගේ සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර කරමින් ඔහු පැවසුවේ පාලනයකින් තොරව සිදුවෙමින් පවතින ජාවාරම පිළිබඳ තමා විමසිල්ලෙන් සිටි බවයි.
“මගේ වංශයට සියවස් ගණනාවක් පුරා දිවෙන ඉතිහාසයක් උරුම වී තිබෙනවා. ගම්මාන කිහිපයක එම දිගු උරුමය අපි ආරක්ෂා කර ගෙන තියෙන්නේ ඉතා අපහසුවෙන්. කෙසේවෙතත්, අපගේ සංස්කෘතිය බරපතළ අභියෝගවලට මුහුණ දීම කණගාටුවට කරුණක්. වර්තමාන පරම්පරාව විසින් එය විනාශ කරමින්, අපේ සංස්කෘතිය මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් බවට පත් කරමින් ඉන්නවා,” යැයි ඔහු පැවසීය.
“සංචාරකයන්ට කරදර කරන වංචාකරුවන් අමුත්තන්ව අනුකම්පා විරහිත ලෙස සූරා කනවා. මාවරගල ආරාමයේ හෝ දඹාන හන්දියේදී වැදි ගම්මානයට ඇතුළු වන වාහනවලට ඔවුන් බලහත්කාරයෙන් ගොඩ වෙනවා. මෙය සංචාරකයන්ට ඔවුන්ගේ නිදහස් කැමැත්තෙන් ප්‍රදේශයේ දර්ශනීය සුන්දරත්වය සහ වැදගත් ස්ථාන නැරඹීමට සහ ඔවුන්ගේ සංචාරය විනෝදජනක හා ලාභදායී ලෙස කරගෙන යන්න බාධාවක්. වංචාකරුවන් සංචාරකයන් රවටනවා. මේ අයගේ රහසිගත ක්‍රියාකාරකම් පිළිබඳ මට බොහෝ විට පැමිණිලි ලැබෙනවා. ඒ ගැන නිහඬව සිටීම ගැන මෙම ජාවාරමට ගොදුරු වූවන් මට දොස් පවරා තිබෙනවා.” යනුවෙන් වැඩි නායකයා පැවසීය.
“ඇත්ත වශයෙන්ම, මම ඔවුන්ගේ පැමිණිලිවලට කන් නොදී ඉඳලා නැහැ, මම මෙම සංවිධානාත්මක කණ්ඩායම් හමුවී ඔවුන්ට අනතුරු ඇඟවූවා. අදාළ බලධාරීන්ට දැනුම් දුන්නත් කිසිදු ඵලක් වෙලා නැහැ. මුදල් ඉපයීමේ කිසිදු ව්‍යාපාරයකට මම ඉඩ දෙන්නේ නැහැ. සංචාරකයන් අපගේ ගම නැරඹීමට කිසිදු සංචාරක මාර්ගෝපදේශකයකු මත යැපෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍යනම් උදව් කිරීමට සූදානම් කෞතුකාගාරයේ නිලධාරීන් සම්බන්ධ කර ගත හැකියි,” යැයි වන්නිල ඇත්තෝ පැවසීය.
අවසාන විසඳුමක් ලෙස, ජාවාරම්කරුවන්ගෙන් අමුත්තන් බේරා ගැනීම සඳහා මාධ්‍ය හරහා මහජනතාව දැනුවත් කිරීමට තීරණය කළ බව ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart