
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහ බැංකුව ගන්නා තීරණ හමුවේ එහි ප්‍රතිවිපාක සඳහා මුහුණදීමට සිදුවන්නේ ආණ්ඩුවට සහ රටේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ රුපියල අවප්‍රමාණය වුවද, පොලී අනුපාත ඉහළ දැමුවද රාජ්‍ය අංශ එම ණය ගැනීමේදී ඒවායෙහි බර පැටවෙන්නේ රටේ ජනතාව වෙත බවයි.
වගකීමක් සහ ස්වාධීනත්වයක් පවතින මහ බැංකුවක් මෙවැනි අවස්ථාවකදී කටයුතු කරන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු මෙලෙස අදහස් පළ කළේය.
”පාර්ලිමේන්තුවට ඇවිල්ලා මතකයි මහ බැංකු අධිපති කිව්වා කිසිම තොග ණයක් බලපාන්නේ නැහැ කියලා ලංකාවේ ආර්ථිකයට. මොකද ඩොලර්වලින් ගත්ත එක ඩොලර්වලින් තිබ්බලු. ඩොලර්වලින් තිබ්බා නම් ඒක 300 ට තිබුන එක 330 වෙනකොට ඉතුරු 30 ගෙවන්න කවුද? එයාද පෞද්ගලිකව ගෙවන්නේ. තමන්ගේ මූල්‍ය වාර්තාවලින් ඉදිරිපත් කරනවා ලංකා ඛණිජ තෙල් සංස්ථාව තමන්ගේ රජයේ ආයතන පාඩුව බිලියන 456 යි 2023 දී කියලා ඇමතිතුමා කියනවා. ඉතිං මේක වෙලා තියෙන්නේ ස්වාධීන මහ බැංකුවේ ක්‍රියාවකින් ඇතිවන ප්‍රතිවිපාක තමයි මේ ආයතන රුපියල අවප්‍රමාණය වීම තුළින් ගෙවන්න තියෙන්නේ. ඉතිං මේ වගේ වුනහම කවුද මේකට උත්තර දෙන්න අවශ්‍යවෙලා තියෙන්නේ. මම රුපියලේ අවප්‍රමාණය අධිප්‍රමාණය ගැන කිව්වා. මේ වගේ පොලී අනුපාතය වැඩිවෙනවා කියලා සුමාන දෙකකට ඉස්සෙල්ලා කිව්වා. මේ කාර්වල ප්‍රශ්නෙ ඇතිවෙනවා කියලා මාස 15 කට ඉස්සෙල්ලා කිව්වා. මේවා කියන්න අපි සාස්තරකාරයෝ වෙන්න ඕනේ නෑ. ප්‍රායෝගික අත්දැකීමක් තියෙන්නෙ ඕනේ මෙන්න මේක තමයි වෙන්නෙ කියලා කියන්න.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart