
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවෙන් සහ චීනයෙන් මෙරටට පත් කෙරුණු නව තානාපතිවරුන් සහ ඒ හමුවේ මෙරට රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා කුමන ආකාරයක බලපෑමක් එල්ල විය හැකි ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ පිළිබඳ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු වන්නේ රටට ගැළපෙන සහ රටට වඩාත් වාසිදායක වන අයුරින් බවයි.
රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේදී සහ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ලංකාවට විශේෂිත රටවල් ද සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ළඟම අසල්වැසියා ලෙස ඉන්දියාව ළඟින්ම ඇසුරු කළ යුතු රට බව ද පැවසුවේය.
ඉන්දියාව ආර්ථිකමය වශයෙන් අත්පත් කර ගෙන ඇති සීග්‍ර දියුණුවේ වාසිය මෙන්ම ඔවුන් අපගේ ළඟම අසල්වැසියා වීමේ වාසිය ද ලබා ගත යුතු බව පැවසූ ඔහු ලොව බලවත්ම රාජ්‍යයක් වන අමෙරිකාව සමග ද මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඒ ඔස්සේ ආයෝජන සහ වෙළඳපල අවස්ථා ලබා ගත යුතු බව යෝජනා කළේය.
එමෙන්ම චීනය ද ආයෝජන මෙන්ම වෙළඳාම සඳහා ද වැදගත් වන මිත්‍රශීලී රටක් බව සිහිපත් කළ රවී කරුණානායක මන්ත්‍රීවරයා රටක් ලෙස විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේදී මේ සියලු කරුණු සඳහා අවධානය යොමු කළ බව ද සඳහන් කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart