
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෛද්‍යවරුන්ට පමණක් දීමනා වැඩිකිරීම අසාධාරණ බැවින් තම සංගමයද වර්ජනයකට එක්වූ බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවේ, ආර්ථික පීඩනය දරාගත නොහැකිව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ද විශාල ලෙස විදේශගත වෙමින් සිටින බවයි.
එම ජනමාධ්‍ය හමුවේදී ඇය මෙසේද පැවැසුවාය.
“මේ වෙනකොට සමස්ත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. වෛද්‍යවරුන්ට පමණක් දීමනාව රුපියල් 35000 කින් වැඩි කළා.මේ ආර්ථික උද්ධමනය එක්ක වැඩිකිරීම ගැටලුවක් නැහැ. වැඩිකිරීම ගැන අපි විරුද්ධ නැහැ. නමුත් එක් පාර්ශවයකට පමණක් මේ මුදල වැඩිකිරීම නිසා සෞඛ්‍ය අංශයේ අනෙක් වෘත්තීයකයන් නොසළකා හැර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි බලධාරීන්ට කණගාටුව ප්‍රකාශ කරනවා. මේක දම්වැලක් වගේ. එක පිරිසකගේ පමණක් වැඩිකරලා හරියන්නේ නෑ .යම් කිසි දීමනාවක් දෙන්න තීරණය කළා නම් සෑම අංශයක් කෙරෙහිම සාධාරණව මේ දීමනාව දෙන්න තිබුණා.මේ අමාත්‍ය මණ්ඩලය ගැනත් අපිට ගැටලුවක් තිබෙනවා. මෙතන ඉන්නේ තීන්දු ගන්න පුලුවන් අයද බැරි අයද කියල අපිට ප්‍රශ්නයක් තිබෙනවා.
ඉන්ධන මිල අහස උසට ගිහින්. නමුත් අපි ගෙයක් ගෙයක් ගාණේ සෞඛ්‍ය සේවා සපයන්න සිදුවෙනවා.අපි මේ කරන කැපකිරීම එක්ක මේ වියදම අපිට දරාගන්න බැහැ. අවම වශයෙන් අපිට ඉන්ධන දීමනාවක්වත් දෙන්න කටයුතු කරන්නේ නෑ. මුදල් නෑ කියලා කියනවා. අපිට ඉන්ධන දීමනාවක්වත් දෙන්න බෑ කියද්දී, 28000ක් වෙච්ච වෛද්‍යවරුන්ට විශාල දීමනාවක් ලබාදෙනවා. මේ අසමාන ලෙස සැළකීම වැරදියි. මේ වෙනකොට පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශාල පිරිසක් විදේශගත වෙමින් ඉන්නවා. මේ විදියට කුඩම්මාගේ සැලකිලි නිසයි ඒ අය යන්නේ. මෙහෙම ගියොත් මාතෲ හා ළමා සෞඛ්‍යයට දෙයියන්ගේම පිහිටයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart