
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් විසින් ජල සහ මළාපවහන ගාස්තු සංශෝධනයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ඊයේ (17) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව, ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ අධ්‍යාපනික, ආගමික හා පොදු ජල සැපයුම් ආශ්‍රිතව ලබා දී ඇති සමාජ ආරක්ෂණ පදනමට අවම බලපෑමක් වන පරිදි ජල සහ මළාපවහන ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.
ආරක්ෂිත ජලය හා සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම, සේවයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ තිරසර ජල සම්පත් භාවිතයන් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව සහ තිරසරභාවය තහවුරු කර ගත යුතුව ඇති බව රජය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart