
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත කඩිනමින් සුදුසු වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත්, ඔහු මොළයට රුධිරය වහනය වීමකට හෝ හෘදයාබාධයකට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවට ඔහුගේ ප්‍රධාන නීතිඥ සල්මාන් සෆ්දාර් අනතුරු ඇඟවීය.
අධිකරණයෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෆ්දාර් පැවසුවේ, තමන් මෑතකදී බන්ධනාගාරය වෙත ගොස් ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බීබී හමුවූ බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණය දැනුවත් කළ බවත්ය.
එහිදී සැකකරුවන් දෙදෙනාම වහාම රෝහල්ගත කරන ලෙසත්, ඔවුන්ව පරික්ෂා කිරීම සඳහා ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් පත්කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය. සෆ්දාර් අනාවරණය කළ පරිදි, නොවැම්බර් 1 වනදා ඉම්රාන් ඛාන්ගේ රුධිර පීඩනය 192 දක්වා ඉහළ ගොස් ඇති අතර, නිසි ප්‍රතිකාර නොලැබුණහොත් එය බරපතල සංකූලතාවලට හේතු වනු ඇතැයි බියක් පවතී.
මේ අතර, බුෂ්රා බීබීගේ පෙනීම දුර්වල වෙමින් පැවතීම පිළිබඳව ද නීතිඥවරයා සිය කණගාටුව පළ කළේය. ඇගේ ඊළඟ සැත්කම නොවැම්බර් 15 වනදාට නියමිතව තිබුණද, පූර්ව සැත්කම් සිදුකළ රෝහලේම හෝ එම වෛද්‍යවරුන් යටතේම නැවත සැත්කමකට භාජනය වීම ඇය ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පැවසීය.
පළමු සැත්කමෙන් පසු ඇගේ ඇස් තවමත් බැඳ තිබියදී නැවත බන්ධනාගාරය වෙත යැවීමට ගත් තීරණය ප්‍රශ්න කළ නීතිඥවරයා, ඇයට මීට පෙර සිදුකරන ලද ප්‍රතිකාර හා සැත්කම් පිළිබඳ පූර්ණ වාර්තාවක් කැඳවන ලෙස ද ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart