
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවශ්‍යව සිටින සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටියි.
පොලීසිය පවසන්නේ මතුගමදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බැවින් ඒ සඳහා මහජන සහය අවශ්‍ය බවයි.
මතුගම, දොළහේන වත්ත ප්‍රදේශයේදී අදාළ සැකකරු විසින් කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කර ඇත්තේ මෙම වසරේ අප්‍රේල් මාසයේදී බව පොලිසිය පවසයි.
එලෙස අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සැකකරුවකු වන අතර ඔහු මේවනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරු පිළිබඳ තොරතුරු දන්නේ නම් 071-8591700 හෝ 071-8591701 යන දුරකථන අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් මිලියන 03ක මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනකු විසින් කරන ලද පැමිණිලි මත රක්වාන පොලිසිය සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සැකකාරිය 41 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය මේවනවිට පදිංචි ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින බව ද පොලීසිය පවසයි.
සැකකාරිය පිළිබඳ තොරතුරු දන්නේ නම් 071-8591394 හෝ 071-8593808 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart