
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයකින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කිරීමේ චෝදනාව මත පසුගියදා අත්අඩංගුවට ගත් චීන ජාතිකයා චීන රජයට අවශ්‍යව සිටින වරෙන්තුකරුවකු බවට හඳුනාගෙන ඇති බව අභියාචනාධිකරණයට ඊයේ(29) දැනුම් දෙනු ලැබීය.
චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම චීන ජාතිකයා පසුගිය මැයි 18 වැනි දින සෙසු චීන ජාතිකයකු සහ ඊජිප්තු ජාතිකයකු සමඟ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු විමර්ශන ආරම්භ කර ඇත.
මොහුගේ විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවට කටුනායක ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අනාවරණය කර ගැනීමත් සමඟ පිරිස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් පිටුවහල් කිරීම සඳහා රඳවා තබාගෙන ඇත.
කෙසේ වෙතත් පසුව වාර්තා වූයේ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මැදිහත් වී චීන ජාතිකයා නිදහස් කර ඇති බවයි.
තමා යටතේ පවතින නිවාස ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශ ආයෝජකයකු බව පවසමින් රාජ්‍ය ඇමැතිවරයා, ආගමන විගමන පාලක ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින්, චීන ජාතික ගුවන් මගියාට රට තුළට ඇතුළුවීමට අවසර ලබාගෙන ඇති බව වාර්තා වේ.
ආගමන හා විගමන නිලධාරීන්ට අනුව, චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා සෙනසුරාදා (මැයි 20) නිදහස් කර ඇත.
කෙසේ වෙතත්, මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කළ අතර, කොළඹ චීන තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගෙන තිබිණි.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් රඳවාගෙන සිටින චීන ජාතිකයා පිටුවහල් කරන ලෙස ද ඇමැතිවරයා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළේය.
කෙසේවෙතත් තමාට රටින් පිටවීමට නොහැකි බව අදාළ චීන ජාතිකයා පවසා ඇතැයි වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart