November 13, 2026

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හැඳින්වෙන ‘දෙහිබාලේ මල්ලි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සෙහාන් සත්සර විදේශ රටකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැත.

වාර්තාවලට අනුව, සත්සර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සැඟවී සිටිමින් දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

පසුව ඔහු යුරෝපයට පළාගොස් ඇති බවට වාර්තා විය.