
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් Volker Turk ප්රමුඛ එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (26) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායකයින් පිරිසක් හමුවූහ.
මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් යන අය සහභාගී වූහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජන කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් Mr. Volker Turk, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Mr. Marc Andre Franche, ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධානී (OHCHR) Mr. Rory Mungoven මහතා, මානව හිමිකම් නිලධාරී (OHCHR) Ms. Elaine Chan, ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක (Sri lanka) Ms. Laila Nazarili සහභාගි වූහ.
ජාතික ජන බලවේග ආණ්ඩුව බිහිවීමත් සමග ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ජාතිවාදයෙන් තොරව පාලනය කිරීම පිළිබඳව ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා සිය සතුට සහ විශ්වාසය ජාතික ජන බලවේගයේ නායකයන් වෙත මෙහිදී පළකර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනුලබන ඉදිරි පියවරයන් පිළිබඳව, අතුරුදහන්වූවන් පිළිබඳව සොයාබැලීම යන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ විශේෂ අවධානය යොමුව ඇත.
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ලෙස නැවතත් ශ්‍රීලංකාව තුළ ජාතිවාදය හෝ පීඩාකාරී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් ඇතිවීමට ඉඩකඩ නොතබන අතර, එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ජාතික ජන බලවේගයේ නායකයන් මෙහිදී අවධාරණය කර තිබේ.
විශේෂයෙන්ම අතුරුදහන්වූවන් පිළිබඳව සොයාබැලීමත් ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ගනුලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳවත්, මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නායකයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් වෙත කරුණු අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart