
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ ධුර කාලය තවත් වසර 4 කින් දීර්ඝ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවැති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ.
එක්සත් ජනපදය සහ රුසියාව ඇතුළු රටවල් කිහිපයකින් එල්ල වූ දැඩි විරෝධතා මධ්‍යයේ වුවද, වෝල්කර් ටර්ක්ගේ ධුර කාලය 2026 ඔක්තෝබර් 12 සිට 2030 ඔක්තෝබර් 11 දක්වා තවත් වසර හතරක කාලයකට දීර්ඝ කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවැති මෙම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 144ක් ලැබුණු අතර, විරුද්ධව ඡන්ද 10ක් ලැබිණි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එක්සත් ජනපදය විසින් මෙම නැවත පත්කිරීමට විරුද්ධව ඡන්දය දෙන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටි අතර, රුසියාව චෝදනා කළේ මහ කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්යාලය බටහිර භූ-දේශපාලනික අභිලාෂයන් වෙනුවෙන් දේශපාලනිකව පක්ෂපාතී ලෙස කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාව මෙම ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටියේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සහ එහි යාන්ත්‍රණයන් හරහා පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනා සම්මතයන් සහ අන්තර්ජාතික විමර්ශන යාන්ත්‍රණයන් පිළිබඳ මෙරට පවතින ස්ථාවරය මත පදනම්වය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart