
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළ (සා.පෙළ) සහ උසස් පෙළ (උ.පෙළ) සිසුන් අඛණ්ඩව පාසල් පද්ධතිය තුළ තබාගැනීම සඳහා, වෘත්තීය අධ්‍යාපනයට අදාළ මූලික ක්ෂේත්‍ර පහක් ආවරණය වන පරිදි විෂය මාලාවක් සම්පූර්ණ කිරීමට අවස්ථාව සැලසීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරන සිසුන්ට උසස් පෙළ ආරම්භ වනතුරු හෝ උසස් පෙළ අවසන් කරන සිසුන්ට ලබාදීමට වැඩපිළිවෙළ සකස්කර ඇති බවයි.
වෘත්තීය අධ්‍යාපනය සඳහා සාමාන්‍යයෙන් වැදගත් වන තොරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි කුසලතා සහ වෙනත් කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහන මඟින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන බව ඔහු පැවැසීය.
යෝජිත වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරාගත් පාසල් 320ක මෙම නියමු වැඩසටහන මාස 3-4ක අතර කාලයක් ක්‍රියාත්මක කෙරේ.
නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත 2024 දී ජාතික වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart