May 27, 2026

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සිය නවසීලන්ත නිල සංචාරය අද පෙරවරුවේ ආරම්භ කර තිබේ.

එරට විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශය වෙත ගිය ආමාත්‍යවරයාට අද උදෑසන එහිදී සාම්ප්‍රදායික මාවෝරි ‘පෝහිරි’ (Pōwhiri) පිළිගැනීමක් ලැබී තිබිණි.

X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක අමාත්‍යවරයා දක්වා තිබුණේ එවැනි පිළිගැනීමක් ලද ප්‍රථම ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරයා වීමට ලැබීම තමා ලැබූ ගෞරවයක් බවයි.