
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු කතානායක අශෝක රන්වල සම්බන්ධ රිය අනතුර පිළිබඳව ඇතැමුන් විසින් දේශපාලන මැදිහත්වීම් සහ එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිට ඇති බවට එල්ල කරන චෝදනා අමාත්‍ය විජිත හේරත් ප්‍රතික්ෂේප කර තිබේ.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ එම අනතුරට හේතුව යාන්ත්‍රික දෝෂයක්, විශේෂයෙන් තිරිංග ක්‍රියාවිරහිත වීමක් බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පරීක්ෂණ වාර්තාවකින් අශෝක රන්වලගේ ජීප් රථයේ තිරිංග පද්ධතියේ අක්‍රමවත් බවක් හඳුනාගෙන ඇති බවත්, වාහනය නිසි ලෙස නඩත්තු කර නොමැති බවත් පොලිසිය අඟහරුවාදා තහවුරු කර ඇත.
මන්ත්‍රීවරයා පැදවූ මෝටර් රථයේ පළමුව තරුණයකු පැදවූ යතුරුපැදියක ගැටී අනතුරුව 25 හැවිරිදි කාන්තාවක්, ඇගේ 55 හැවිරිදි මව සහ මාස 6ක ළදරුවෙකු ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටී තිබිණි.
යතුරුපැදියේ සිටි තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල වහාම වාහනය මාර්ගයේ එක් පසෙකට හරවා ඇති බවත්, මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය නිසා තවත් බරපතල ඛේදවාචකයක් වළක්වා ගැනීමට හැකිව ඇති බවත් අමාත්‍ය විජිත හේරත් ජනමාධ්‍ය හමුවේ පැවසුවේය.
තුවාල ලැබූ ළදරුවා ළමා රිජ්වේ ආර්යා රෝහලට ඇතුළත් කරන ලද අතර, කාන්තාවන් දෙදෙනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල බීමතින් සිටි බවට හෝ විමර්ශනයට රජය බලපෑම් කළ බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා අමාත්‍ය විජිත හේරත් තරයේ ප්‍රතික්ෂේප කරයි.
”අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමත්ව නොසිටි බව රන්වලම ප්‍රකාශ කර තිබෙනවා. වාර්තා අධිකරණයට ඉදිරිපත් කලාට පස්සේ මත්පැන් පානය කරලද නැද්ද කියලා පැහැදිලිව ඔප්පු වෙයි. එවැනි අනාවරණයන් වෙනස් කිරීමට හෝ සැඟවීමට නොහැකියි.” අමාත්‍යවරයා පවසයි.
නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම යන චෝදනා මත අශෝක රන්වල දෙසැම්බර් 12 වන දින අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000 ක මුදල් ඇපයක් මත මුදාහරින ලදී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසුවේ, මන්ත්‍රීවරයාට එරෙහිව අතිරේක චෝදනා ගොනුකරන්නේද යන්න තීරණය කිරීමට පෙර රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ අවසන් වෛද්‍ය වාර්තාව නිකුත් කරන තෙක් බලා සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart