August 13, 2024

සමගි ජන බලවේගයේ කටාන ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමට ප්‍රතිඥා දී ඇත.

සොයිසා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති වික්‍රමසිංහ හමුවී සිය සහයෝගය නිල වශයෙන් ප්‍රකාශ කළේය.

මේ වන විට රට දියුණු වෙමින් පවතින්නේ ජනාධිපති වික්‍රමසිංහගේ ආර්ථික සහ දේශපාලන උපාය මාර්ග යටතේ බව ඔහු එහිදී සඳහන් කර ඇත.

රටට තිරසාර ප්‍රගතියක් අත්කර ගත හැක්කේ මෙම වැඩපිළිවෙළ තුළින් පමණක් බව ඔහු විශ්වාස කරයි.

එබැවින් තම පාක්ෂිකයන්ගේ සහයෝගය ඇතිව ඉදිරි මැතිවරණයේදී ජනාධිපති වික්‍රමසිංහට සහාය දැක්වීමට සොයිසා තීරණය කර ඇත.

මෙම අවස්ථාවට ඇමැති ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන අය ද සහභාගිවී ඇත.