May 5, 2026

තමිල්නාග වෙට්‍රි කසාගම් (TVK) ප්‍රධානී විජේගේ පෞද්ගලික රියදුරුගේ පුත් ආර්. සබරිනාදන්, තමිල්නාඩුවේ විරුගම්බක්කම් මැතිවරණ කොට්ඨාසයේ දී කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබා තිබේ.

ඔහුගේ ජයග්‍රහණය විශේෂ වන්නේ, වත්මන් ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) මන්ත්‍රී ඒඑම්වී ප්‍රභාකර රාජා ඡන්ද 27,086කින් පරාජය කරමින් ජය ලැබීම නිසාය.

ගණන් කිරීමේ වට 24න් පසු සබරිනාදන් ජයග්‍රහණය තහවුරු කළේ ඡන්ද 76,092ක් ලබා ගනිමිනි.

ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) අපේක්ෂක ප්‍රභාකර රාජා ඡන්ද 49,006ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්වූ අතර සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) අපේක්ෂක විරුගයි වී එන් රවී ඡන්ද 38,767ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත්විය.

තමිල්නාඩු දේශපාලනයේ වඩාත් කතාබහට ලක්වන මුහුණුවලින් එකක් වන විජේ සමඟ සමීපව කටයුතු කරන ඔහුගේ පියා වන රාජේන්ද්‍රන් සබරිනාදන් හදිසියේම අතිශයින් ජනප්‍රිය විය.

ඔහුගේ ජයග්‍රහණය බිම් මට්ටමේ ආකර්ෂණය සහ ප්‍රාන්තයේ ප්‍රදේශ පුරා පැතිර යන පුළුල් ‘විජය රැල්ල’ සමග මිශ්‍රණයක ප්‍රතිඵලයකි.