
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු ඉන්දීය දෙමළ නළු විජෙයි විසින් තම දේශපාලන පක්ෂය වන Tamizhaga Vetri Kazhagam සඳහා වන නියෝජිත ධජය අද එළිදැක්වීය.
පනායූර් පක්ෂ කාර්යාලයේදී විජෙයි විසින් කොඩිය ප්‍රදර්ශනය කිරීමත් දේශපාලන පක්ෂය වෙනුවෙන් වන නිල ගීතය නිකුත් කිරීමත් සිදු කළේය.
මෙරූන් සහ කහ වර්ණ දෙකෙන් යුත් කොඩියේ දෙපස අලි දෙදෙනෙකු සහ මධ්‍යයේ තරුවලින් වට වූ මොණරකු සිටී.
වාර්තා වන පරිදි පක්ෂයේ ගීය වී විවේක් විවිස්න් රචනා කර ඇති අතර එහි සංගීතය ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක එස් තමන් විසින් සිදු කර ඇත.
Tamizhaga Vetri Kazhagam දියත් කරන බව විජය නිවේදනය කළේ පෙබරවාරි මාසයේදීය.
ඔහු 2026 තමිල්නාඩුවේ මැතිවරණයට තරඟ කරන බව ද පවසා තිබේ.
පසුගිය ලෝක් සභා මැතිවරණයේ දී ඔහුගේ පක්ෂය කිසිදු දේශපාලන කණ්ඩායමක් සමඟ සන්ධානගත වූයේ නැත.
ධජය එළිදැක්වීමේ උත්සවයේ දී තමිල්නාඩුවේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන බවට ද විජෙයි පොරොන්දු වූ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart