
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ කරූර් හි පැවති තමිලගා වෙට්රි කසාගම් (TVK) පක්ෂයේ දේශපාලන රැළියකදී සිදුවූ තෙරපීමකින් පසුව පුද්ගලයන් රැසක් මියයෑමේ සිදුවීමෙන් අනතුරුව සුපිරි කොලිවුඩ් නළුවකු මෙන්ම වර්තමානයේ ඉන්දියාවේ ප්‍රකට මැතිවරණ අපේක්ෂකයකු ද වන තලපති විජේගේ චෙන්නායි හි නිවසට බෝම්බ තර්ජනයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයින් 41 දෙනකු මියගිය බව වාර්තා විය.
එම සිදුවීමෙන් අනතුරුව, චෙන්නායි පොලිසියට ලද දුරකථන ඇමතුමක් හරහා එල්ල වූ බෝම්බ තර්ජනයකින් පසුව විජේගේ නීලංකරායි නිවස හා ඒ අවට ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.
එපමණක් නොව, ඔහුගේ නිවස සහ එම පරිශ්‍රයෙන් පිටත බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් සහ විශේෂ පොලිස් සුනඛයින් ද යොදවා තිබේ.
රැළියේදී සිදුවූ තෙරපීමෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දියක් ලබාදීමටත්, තුවාල ලබා රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 2 බැගින් මූල්‍ය වන්දියක් පිරිනැමීමටත් සූදානම් බව විජේ නිවේදනය කළේය.
එලෙස මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 18 දෙනකු, පිරිමින් 13 දෙනෙකු සහ ගැහැණු දරුවන් මෙන්ම පිරිමි ළමුන් පස්දෙනෙකු ද සිටින බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
”මෙතරම් පාඩුවක් හමුවේ මෙම මුදල එතරම් සැලකිය යුතු නොවේ, එහෙත්, මේ මොහොතේ, ඔබේ පවුලේ සාමාජිකයකු ලෙස, මගේ ආදරණීයයන් සමඟ සිටීම මගේ යුතුකමයි,” යනුවෙන් විජේ X හි සටහනක් තබමින් සඳහන් කළේය.
ඉකුත් සෙනසුරාදා (සැප්තැම්බර් 27) ඉදිරි මැතිවරණය සඳහා ප්රචාරක කටයුතුවල නිරතව සිටි විජේගේ රැලියේදී ඇති වූ තෙරපීම මධ්‍යයේ පුද්ගලයන් 40 දෙනකු ජීවිතක්ෂයට පත් වූ කරූර් ඛේදවාචකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු පතුරුවා නොහරින ලෙස තමිල්නාඩු මහඇමති එම්.කේ. ස්ටාලින් තමිල්නාඩු වැසියන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
වීඩියෝ පණිවිඩයකින් ඔහු පැවසුවේව්, කරූර් ඛේදවාචකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු රාශියක් සංසරණය වෙමින් පවතින බවයි.
පක්ෂ භේද නොසලකා හැරිය යුතු බවත්, මියගිය අය දෙමළ ජනතාව බවත් ස්ටාලින් පැවසුවේය.
එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා සාමූහික වගකීමක් ද පවතින බව ඔහු අවධාරණය කළ අතර, ඉදිරියේදී එවැනි රැස්වීම් පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ සකස් කරන බව ද පැවසීය.
මේ අතර, තමිල්නාඩු පොලිසියේ අපක්ෂපාතීභාවය පිළිබඳ කනස්සල්ල පළ කරමින් තමිල්නාඩු වෙට්රි කසාගම් (TVK) පක්ෂය මදුරාසි මහාධිකරණයෙන් කරූර් ඛේදවාචකය පිළිබඳ විමර්ශනය මධ්‍යම විමර්ශන කාර්යාංශයට (CBI) මාරු කරන ලෙස ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart