May 5, 2026
වියට්නාම ජනාධිපති ටෝ ලාම් තෙදින නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය.  
ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.
මෙය ඔහු පසුගිය මාසයේ වියට්නාම ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු ඉන්දියාවේ සිදු කරන පළමු රාජ්‍ය සංචාරයයි.
නවදිල්ලියට පැමිණීමට පෙර, ටෝ ලාම් නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ පිහිටි සුප්‍රසිද්ධ බෞද්ධ වන්දනා ස්ථානයක් වන බුද්ධගයාවේ සංචාරය කළේය.
මෙම සංචාරය සඳහා පැමිණි ජනාධිපතිවරයා සමඟ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සමන්විත ඉහළ මට්ටමේ දූත පිරිසක් මෙන්ම ප්‍රබල ව්‍යාපාරික දූත පිරිසක් ද එක්ව සිටියහ.