
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන වරාය ගුවන් හමුදා කඳවුරට අද කඩා වැටුණු පුහුණු ගුවන් යානයේ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුව, අනතුරින් මියගිය ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා වින්ග් කමාන්ඩර් සහ ගුවන් යානා ඉංජිනේරුවරයකු සහ පියාසර නිලධාරියකු ලෙස හඳුනාගෙන ඇත.
ගුවන් හමුදාව ප්‍රකාශ කරන ආකාරයට වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් සහ පියාසර නිලධාරී පේෂාන් වර්ණසූරිය PT 6 වර්ගයේ ගුවන් යානයක ගුවන් පරීක්‍ෂණයක් සඳහා මෙම ගමන ආරම්භ කර තිබේ.
ඔවුන් දෙදෙනා පෙරවරු 11.25 ට පමණ චීන වරාය ගුවන් පථයෙන් පිටත් වූ අතර පසුව පෙරවරු 11.27 ට පමණ චීන වරාය කඳවුර තුළ ප්‍රදේශයකට යානය කඩාවැටී ඇත.
මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් 2006 වසරේ ගුවන් හමුදාවට බැඳී ඇති අතර ඔහු තිදරු පියෙකු බව ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන පියාසර නිලධාරි පේෂාන් වර්ණසූරිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා 2017 වසරේ ගුවන් හමුදාවට බැඳී ඇත.
A training aircraft that took off from the airstrips of the Sri Lanka Air Force Academy in China Bay in the Eastern Province crashed killing two persons onboard pic.twitter.com/R1Td5KMeWb
— NewsWire ?? (@NewsWireLK) August 7, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart