
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චැනල් 4 නාලිකාව ඔස්සේ ප්‍රචාරය කළ වීඩියෝව සම්බන්ධයෙන් රජය ඉක්මන් පියවර නොගත යුතු බවත්, ඒ වෙනුවට චෝදනාවලට සම්බන්ධ අය පමණක් පිළිතුරු දිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇති බව වාර්තා වේ.
චැනල් ෆෝ නාලිකාව සුපුරුදු පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට පෙර මෙම වැඩසටහන ප්‍රචාරය කර ඇති බැවින් එය ‘නාටකයක්’ ලෙස පමණක් සළකා කටයුතු කළයුතු බව රජයේ ස්ථාවරය විය යුතු යැයි මෙහිදී ප්‍රකාශවී ඇතැයි පැවැසේ.
2019 වසරේ පුද්ගලයන් 269 දෙනෙකුට මරු කැඳවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමේ මහා කුමන්ත්‍රණයක කොටසක් බව චැනල් 4 වීඩියෝව මගින් ප්‍රකාශ කෙරී ඇත.
කෙසේවෙතත් චැනල් 4 එල්ල කර ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කරමින් සිටින බවද වාර්තා සඳහන් කරයි.
කෙසේවෙතත් කතානායකවරයා වෙත එවැනි කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් ඉල්ලීමක් ලැබී නැති බවද වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart