April 19, 2026

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් අද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් සාකච්ඡා පැවැත්වීය.

දෙරට අතර ඉතිහාසය, ශිෂ්ටාචාර සබඳතා සහ ශක්තිමත් සමාජ සබඳතා මත මුල් බැසගත් බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීම පිළිබඳව දෙපාර්ශ්වය ඵලදායී සාකච්ඡා පවත්වා ඇත.

ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ආධාර පැකේජයක් යටතේ ව්‍යාපෘති ඇතුළු සංවර්ධන වැඩසටහන් රාශියක් ද සාකච්ඡාවලට ඇතුළත්ව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණය සහ පුනරුත්ථාපනය කෙරෙහි අවධානය යොමුකළ මෙම ව්‍යාපෘති මගින්, විශේෂයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ කලාපවල ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවන්ට ප්‍රතිලාභ සැලසේ.

දෙපාර්ශ්වයම ධීවරයන් සම්බන්ධ ගැටළු ද සාකච්ඡා කර ඇති අතර, දෙරටේ ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් සලකා බලමින් මානුෂීය ආකාරයකින් ඒවාට විසඳුම් සෙවීම කෙරෙහිද අවධානය් යොමුකර ඇත.