October 4, 2026

වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගන්නා ලද බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම ඥානසාර භික්ෂුව හෙට දිනයේ අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම භික්ෂුව අද (04) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.