
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙවිනුවර ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන මෝටර් රථයක් අද (23) උදෑසන දික්වැල්ල පොලිස් බලප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් විමර්ශනවලට අනුව, ඊයේ (22) අලුයම දෙවිනුවර දේවාලය පිටුපස ගල්ඒදණ්ඩ මාර්ගයේ පිහිටි නිවසක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම නිවස විදේශගතව සැඟවී සිටින බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ පුද්ගලයෙකුගේ පෙම්වතියට අයත් නිවසක් බවයි.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නිවස තුළ සිට ඇත්තේ වයෝවෘද්ධ කාන්තාවක් පමණක් වන අතර, මෙම වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.
මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, සැකකරුවන් මෝටර් රථයෙන් පලා යන අයුරු ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වී තිබේ. සිද්ධිය වූ ස්ථානයෙන් හිස් පතොරම් කොපු තුනක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම වෙඩි ප්‍රහාරය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූවක්ද, නැතහොත් දෙවිනුවර කාවඩි පෙරහැර සම්බන්ධයෙන් මතුව ඇති ආරවුල් සමඟ සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව විමර්ශන අංශ සඳහන් කරයි.
මේ අතර, දෙවිනුවර කාවඩි පෙරහැර සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් බව කියන පුද්ගලයන්ගේ හඬපට කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර, ඒවායේ අන්තර්ගතය පිළිබඳවද ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබේ. එම හඬපටවල සත්‍යතාව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.
එමෙන්ම, දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ කාවඩි පෙරහැරට සහභාගි විය හැකි කණ්ඩායම් සංඛ්‍යාව සීමා කිරීමට ගත් තීරණයත් සමඟ පසුගිය දිනවල ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් මතුව තිබිණි.
බස්නායක නිලමේවරයාට එල්ල වූ බව කියන මරණ තර්ජන සම්බන්ධයෙන් මේ දක්වා නිල පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලිසිය පවසන අතර, පැමිණිල්ලක් ලැබුණු වහාම විමර්ශන ආරම්භ කරන බවද සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් ගන්දර පොලිසිය සහ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart