
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රථ වාහන වෙනුවෙන් ආදායම් බලපත්‍ර අන්තර්ජාලය හරහා(Online) කඩිනමින් ලබා ගැනීමේ පහසුකම මේ වන විට ජනතාවට ලබාදී ඇත.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඊ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන යටතේ මෙම පහසුකම ක්‍රියාත්මක කෙරේ.
නව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම මෙන්ම දැනට පවතින ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමේ පහසුකමද මේ යටතේ ලබා දී ඇත.
මාර්ගගත ක්‍රමය(Online) ඔස්සේ බලපත්‍ර ලබා ගැනීම සඳහා වන මූල්‍ය ගෙවීම් ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් සිදුකළ හැකි අතර, ඊට අදාළ තාවකාලික ආදායම් බලපත්‍රය ඊ-මේල් ලිපිනය ඔස්සේ ලබාදෙයි. ස්ථීර ආදායම් බලපත්‍රය දින කීහිපයකින් ලියාපදිංචි තැපෑලෙන් අයැදුම්කරුගේ නිවසට ලැබෙනු ඇත.
දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද මෙම පහසුකම ජනතාවට ලබා ගැනීමට හැකියාව පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart