
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාහන ආනයන තහනම පෙබරවාරි 1 වැනි දින සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ යළි තහවුරු කළේය.
දැනට රජය සතු සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු ආරම්භක කාල පරිච්ඡේදයේදී වාහන මිල ගණන් උච්චාවචනයන්ට ලක්විය හැකි බව ඔහු සඳහන් කළේය.
මිල ගණන් ස්ථාවර වූ පසු, රාජ්‍ය වියදම් විධිමත් කිරීම සහ අතිරික්තයන් අඩු කිරීම සඳහා අඛණ්ඩ පියවරවල කොටසක් ලෙස රජය තම ඇණියේ දැනට පවතින සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart