
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉක්මනින් වගා කළ හැකි ගොවීන් ප්‍රමාණය හා ගොවි බිම් හඳුනාගෙන ඔවුනට ලබාදීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ 2ක වන්දි මුදල කඩිනමින් ලබාදෙන ලෙසත්, ආපදාවෙන් හානියට පත් එළවළු වගාව පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාගෙන ඔවුනට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 1 1/2ක වන්දි මුදල් ලබාදීමටත්, කෙසෙල් වගාවට සිදුවූ හානි සඳහා එළවළු වගාවට දෙන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දුන්නේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ආපදාවෙන් විපතට පත්වූ ජනජීවිතය යළි ගොඩගැනීමට අදාළ විශේෂ සාකච්ඡාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දීම සිදුකළේය.
සියලු වන්දි මුදල් 2025 අයවැය යටතේ ලබාදීම සිදුවන බැවින් 2026 අයවැයට බරක් නොවීමට නම් දෙසැම්බර් 31 ට පෙර සියලු වන්දි ලබාදීම අවසන් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
පරිසරයට හානිකර අනතුරුදායක අනවසර ඉදිකිරීම්වලට මින් ඉදිරියට අවසර නොදෙන ලෙසත් ඒ ගැන ප්‍රාදේශීය සභාව, අදාළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම විදුලි සැපැයීම් නොදීමට විදුලිබල මණ්ඩලය ද ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
විපතට පත්ව සිටින අයට සහන සැලසීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන මෙහෙයුම් යාන්ත්‍රණයක් ද අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක, පවුල් 5501 ක පුද්ගලයන් 11,804 ක් ආපදාවෙන් බලපෑමට ලක්ව සිටින අතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සුරක්ෂිත මධ්‍යස්ථාන 44 ක පුද්ගලයන් 4113 ක් රැඳී සිටී. නිවාස 119කට පූර්ණ හානි සිදුව තිබෙන අතර අර්ධ හානි සිදුවූ නිවාස ගණන 2618කි.
ආපදාවලට ලක්වූ දිස්ත්‍රික්කවල මහමාර්ග, විදුලිය, ජල සැපැයුම, සන්නිවේදන සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සහ ආපදාවෙන් බලපෑමට ලක්වූ වගා බිම් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි ආරම්භ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් හි ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් මෙහිදී විමසා බලන ලදී.
ආපදාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග 16ක් කැඩී ගොස් තිබූ බවත් එයින් මාර්ග 12ක් පිළිසකර කර ජනතාවගේ ගමනාගමනයට විවෘත කර ඇති බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර වත්තේගම, කන්දේගෙදර, උකුවෙල, ඇල්කඩුව, මොරගහකන්ද, වැල්ලවල, රත්තොට, ඉලුක්කුඹුර යන ඉතිරි මාර්ග ද කඩිනමින් පිළිසකර කර ජනතාව වෙනුවෙන් විවෘත කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.
එමෙන්ම පළාත් මාර්ග 38කට දැඩි හානි සිදුව තිබෙන බවත්, 17කට අර්ධ හානි සිදුව තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරුණු අතර, ඒ අතරින් මාර්ග 19ක් සම්පූර්ණයෙන් විවෘත කිරීමටත්, මාර්ග 19 ක කොටසක් පමණක් විවෘත කිරීමටත් පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වාදුන්හ.
ආපදා තත්ත්වය නිසා දිස්ත්‍රික්කයේ විදුලි සබඳතා 58ක් බිඳවැටී තිබෙන අතර ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත්කර 92%කට පමණ විදුලිය ලබාදීමට මේ වනවිට පියවර ගෙන තිබෙන බවත් ප්‍රවේශ මාර්ග අවහිර වීම සහ විවිධ ගැටලු හේතුවෙන් ප්‍රමාද වී ඇති රත්තොට, අඹන්ගඟ, ලග්ගල, උකුවෙල, යටවත්ත, පල්ලේපොල, මාතලේ ආදී ප්‍රදේශවල විදුලි සබඳතා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් විදුලි බල මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දුන්හ.
එමෙන්ම දිස්ත්‍රික්කයේ බිඳවැටුණු ජල සැපැයුම් යථාවත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ප්‍රවේශ මාර්ග අවහිර වීමෙන් පවුල් 500කට පමණ සතියක් පුරා පානීය ජලය අහිමි වී ඇති බව අනාවරණය විය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart