
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගංවතුර ආපදාවට ලක්වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වූ සහල් කූඨ ලෙස සකසා වෙළෙඳපලට සැපයීමේ ජාවාරමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙළිකර ගෙන ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ දී එවැනි සකසන ලද සහල් කිලෝග්‍රෑම් 1000 ක් සමග සැකකරුවන් හාරිස්පත්තුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසුකර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස කියයි.
එවැනි කූඨ ව්‍යාපාර දිවයිනේ කවර හෝ ප්‍රදේශයක ක්‍රියාත්මක වන්නේදැයි සිය නිලධාරීන් නිති විමසිල්ල්රෙන් පසුවන බව පවසන බොරලැස්ස මහතා මෙවැනි ව්‍යාපාරවල නොයෙදෙන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.එසේම තමන් මිලදී ගන්නා සහල් පිළිබඳව මහජනතාවද විශේෂයෙන් මේ දිනවල විමසිල්ලෙන් සිටීම වැදගත් බවද ඔහු පෙන්වාදෙයි.
පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට නීතියේ දැල නිසි පරිදි එලා ඇත.
කෙසේවෙතත් මෙබඳු නීතිවිරෝධී ක්‍රියා ගැන යම් තොරතුරක් ඇත්නම් සිය ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වන ලෙසද එසේ නොහැකිවන අවස්ථාවලදී දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ක්ෂණික දුරකතන අංකය වන 1926 ට දැනුවත් කරන ලෙසද බොරලැස්ස ඉල්ලීමක් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart