
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුළි වාහන මිලදී ගැනීමේදී තම විකල්පයන් හොඳින් සළකා බලන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එවැනි බොහෝ වාහනවල වෙළඳපොළ වටිනාකම මාස කිහිපයක් ඇතුළත රුපියල් මිලියන කිහිපයකින් පහත වැටෙන බව ද එම සංගමය පවසයි.
ජනමාධ්‍ය හමුවක් අමතමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ පැවසුවේ, විදුලි වාහන පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින නමුත්, වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු අනාගත ගැනුම්කරුවන්ට නව අභියෝග එල්ල වෙමින් පවතින බවයි.
ප්‍රධාන විද්‍යුත් වාහන සන්නාම හැර චීනයෙන් විදුළි වාහන විශාල සංඛ්‍යාවක්, සීමා ලිහිල්කළ වහාම ආනයනය කළ බවත්, අවාසනාවකට මෙම වාහන බොහොමයක වෙළෙඳපොළ මිල ඒවා මිලදී ගෙන මාස කිහිපයක් ඇතුළත රුපියල් මිලියන දෙක තුනකින් පහත වැටී තිබෙන බවත් මෙරිංචිගේ පැවැසීය.
එම තත්වයට බලපාන මූලික හේතුවක් වන්නේ වෙළඳපොළේ දක්නට ලැබෙන චීන විදුලි වාහනවල මාදිලිවල වේගවත් වෙනස්කම් බව ද ඔහු සඳහන් කළේය.
චීන නිෂ්පාදකයන් සෑම වසර දෙකකට වරක් නව මාදිලි සහ වැඩිදියුණු කිරීම් සහිතව වාහන වෙළඳපොළට නිකුත් කිරීමට නැඹුරු වන අතර, එමඟින් පැරණි මාදිලි වේගයෙන් අවප්‍රමාණය වීමට හේතුවන බව ද ඔහු පැවසුවේය.
කුඩා වැඩිදියුණු කිරීම් තිබෙන, එහෙත් නිෂ්පාදකයන් ස්ථාවර වෙළඳපල වටිනාකමක් පවත්වාගෙන යන ජපන් වාහන සම්බන්ධයෙන් තත්වය එලෙස නොවන බව ද මෙරෙංචිගේ පෙන්වාදුන්නේය.
ඔහු පැවසුවේ අද රුපියල් මිලියන 20කට පමණ මිලදී ගත් චීන විදුළි වාහනයක් වසර පහක් හෝ හයක් ඇතුළත එහි විකුණුම් අගය රුපියල් මිලියන 7 – 8 දක්වා පහත වැටෙන බවයි.
එහෙත් ජපන් වාහන සාමාන්‍යයෙන් එම කාලසීමාව තුළ ඒවායේ වටිනාකමින් තවත් ඉහළ යන බව ද ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart