April 2, 2024

ඊයේ (අප්‍රේල් 01) රාත්‍රියේ දෙහිවල ගුවන් පාලම මතදී මෝටර් රථයක් ගිනිගෙන ඇති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය ගිනිගෙන ඇති බවට සැකකෙරේ.

රාත්‍රී 7.45 ට පමණ මෝටර් රථය කොළඹ සිට දෙහිවල දක්වා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.

දෙහිවල ගිනි නිවන ඒකකය ගින්න මැඩපැවැත්වීමට සමත්ව ඇති අතර මෝටර් රථයේ රියදුරු අනතුරකින් තොරව රබේරී ඇති බව සඳහන් වේ.