
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලනඥයින්ට ලබා දී ඇති වරප්‍රසාද අඩුකිරීම වත්මන් පරිපාලනයේ ප්‍රධාන අරමුණක් බව නැවත තහවුරු කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා යෝජිත විශ්‍රාම වැටුප් අහෝසි කිරීම රජය විසින් ඉදිරියට ගෙන යන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක විසින් මෑතකදී කරන ලද ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඇමැති සමරසිංහ පැවසුවේ, මෙම පියවර මහජනතාව මත මූල්‍ය බර අඩු කිරීමේ රජයේ උත්සාහයක කොටසක් බවයි.
නන්දන ගුණතිලක සිකුරාදා (2) ෆේස්බුක් සටහනක් තබමින්, මෙම යෝජනාව සම්බන්ධයෙන් කනස්සල්ල පළකළ අතර, ඔහු දේශපාලනයට පූර්ණ කාලීනව කැපවී සිටින බවත්, රැකියාවක් නොමැති බවත්, දැන් පැවැත්ම සඳහා ඇත්තේ මන්ත්‍රී විශ්‍රාම වැටුප පමණක් බවත් සඳහන් කළේය.
එවැනි යෝජනාවක් සම්මත කිරීම රාජ්‍ය සේවයට තම ජීවිතය කැපකළ අයට බරපතල හානියක් බවට ඔහු අනතුරු ඇඟවීය.
අනුරාධපුරයේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සමරසිංහ එම විවේචන ප්‍රතික්ෂේප කළ අතර දේශපාලනය පෞද්ගලික ජීවනෝපාය සඳහා මාධ්‍යයක් නොවිය යුතු බව අවධාරණය කළේය.
“ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට පෙර අපි කිව්වා, මේ රට දේශපාලනඥයින්ගේ ආදායම් මාර්ගයක් කරගෙන ජිවත් නොවිය යුතුයි කියලා. ලෝකයේ කිසිම තැනක එවැනි ප්රතිලාභ ලබාදෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ රටේ සමහර ප්‍රදේශවල ජනතාව තවමත් දුක් විඳිනකොට, හිටපු ජනාධිපතිවරුන්ට සහ දේශපාලනඥයන්ට මහජන මුදලින් වරප්‍රසාද ලබාදීමේ බර ජනතාව තවදුරටත් දරන්න ඕනේ ඇයි?” ඔහු පැවසීය.
ආදායම් මාර්ගයක් නොමැති ඕනෑම හිටපු මන්ත්‍රීවරයෙකුට, අවශ්‍යතා ඇති අනෙකුත් ඕනෑම පුරවැසියෙකු මෙන්, අස්වසුම සුභසාධන වැඩසටහන යටතේ ප්රතිලාභ සඳහා අයැදුම් කිරීමට නිදහස ඇති බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart